ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ පෙළපොත් සකස් කිරීම ගැන මන්ත්‍රී රෝහිණීගේ උපදෙස්

ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ පෙළපොත් සකස් කිරීම ගැන මන්ත්‍රී රෝහිණීගේ උපදෙස්

පාසල් සිසුන් සඳහා ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ පෙළපොත් සකස් කිරීමට සහ ඊට අදාළ විවිධ පාර්ශ්ව දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණයෙන් විශේෂ කමිටුවක් පත් කරන ලෙස ළමා පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලයේ සභාපතිනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය නිලධාරීන්ට දන්වා ඇත.

ඇය මේ බව ප්‍රකාශ කළේ පසුගිය සතියේ පැවති ළමා පාර්ලිමේන්තු බල මණ්ඩල රැස්වීමේදීය.

මෙම කමිටු රැස්වීමට පැමිණ සිටින සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති විවිධ ආයතන, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යන ආයතනවල නියෝජිතයින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම කමිටුවට ඇතුළත් කළ යුතු බව රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය සඳහන් කළේය.

Share this: