“ලැබු ජයග්‍රහණය යළි පරාජය කිරීමට ඉඩ දෙන්නේ නෑ”-අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

“ලැබු ජයග්‍රහණය යළි පරාජය කිරීමට ඉඩ දෙන්නේ නෑ”-අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

ජනවාරි 8 වන දින ලැබු ජයග්‍රහණය පරාජය කිරීමට ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එම ජයග්‍රහණය තහවුරු කරගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය පෙරමුණක් ලෙස ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීමට තීරණය කරන බව යහපාලනය සඳහා වු එක්සත් ජාතික පෙරමුණ බිහිකිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පල කර සිටියේය.
ඉදිරි මැතිවරණයේ දී අමාත්‍ය රාජිත සේනාරත්න කළුතර දිස්ත්‍රික්කයෙන්, අමාත්‍ය පාඨලි චම්පික රණවක කොළඹ දිස්ත්‍රික්කයෙන් , අර්ජුණ රණතුංග ගම්පහ දිස්ත්‍රික්කයෙන් අලියා ලකුණ යටතේ තරඟවැදීමට නියමිතය.
ඉදිරි මැතිවරණයේ දී අලියා ලකුණ යටතේ අමාත්‍ය රාජිත සේනාරත්න කළුතර දිස්ත්‍රික්කයෙන්, අමාත්‍ය පාඨලි චම්පික රණවක කොළඹ දිස්ත්‍රික්කයෙන් , අර්ජුණ රණතුංග ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟවැදීමට නියමිතය.

Share this: