පසුගිය අප්‍රේල් 30 වැනිදා ග්‍රොඩ්නෝ ප්‍රාන්ත වෛද්‍ය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක කාමරයක් තුළ මියගොස් සිටියදී 24 හැවිරිදි ශ්‍රී ලාංකිකයකුගේ මරණය සම්බන්ධයෙන් බෙලරුස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි තිෂාන් කුලරත්න නමැති 24 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු මියයන විට බෙලාරුස් හි ග්‍රොඩ්නෝ ප්‍රාන්ත වෛද්‍ය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබමින් සිටි අයෙකි.
මියගිය පුද්ගලයාට කළ ඇමතුම් කිහිපයකට පිළිතුරු නොලැබීමෙන් පසු ඔහු සොයා පැමිණි ඔහුගේ සෙසු සිසුන් විශ්ව විද්‍යාලයේ සිටියදී තිෂාන් කුලරත්නගේ මළ සිරුර සොයා ගෙන ඇත.
ඒ අනුව, මරණයට හේතුවක් මෙතෙක් හඳුනාගෙන නොමැති බැවින්, මෙම තරුණයාගේ මරණය සියදිවි නසා ගැනීමක් ද නැතහොත් වෙනත් හේතුවක් නිසා සිදුවූවක් ද යන්න පිළිබඳව සොයා බැලීමට බෙලරුස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
කුලරත්න සුවිශේෂී ශිෂ්‍යයෙකු ලෙස ප්‍රකටව සිටි අතර උපාධියේ පළමු, දෙවන සහ තෙවන වසරවලදී දක්ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානයද හිමිකරගෙන තිබුණි. ඔහු පාසල් අධ්‍යාපනය ලබන කාලය තුළ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයකු ලෙස ද කටයුතු කළ අතර විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා දස්කම් දක්වා ඇත.