බ්‍රිතාන්‍යයේ ඊයේ පැවති මහමැතිවරණයෙන් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රනිල් ජයවර්ධන ද ඡන්ද 35,573ක් ලබා ගනිමින් එරට පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ.
බ්‍රිතාන්‍යයේ ඊශාන දිග හැම්ප්ෂයර් ප්‍රදේශය නියෝජනය කරමින් කොන්සර්වේටිව් පක්ෂයෙන් ඔහු තරඟ වැදි ඇති අතර, රනිල් ජයවර්ධනගේ මව්පියන් ලාංකිකයින් බව පැවසෙයි.
ආසන 650කින් යුත් එරට පාර්ලිමේන්තුවේ ආසන 199 ක ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී අවසන්ය.
එහිදී පාලක කන්සර්වේටිව් පක්ෂය ආසන 52 ක්, කම්කරු පක්ෂය ආසන සංඛ්‍යාව 87ක් හිමිකර ගෙන ඇත.
මෙවර මැතිවරණයේ ජයග්‍රහණය කැමරන්ගේ කන්සර්වේටිව් පක්ෂය හිමිකර ගනු ඇතැයි පැවසේ.
තවද, ස්කොට්ලන්ත ජාතික පක්ෂය නියෝජනය කරමින් 20 හැවිරිදි ශිෂ්‍යාවක්ද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබීම විශේෂත්වයකි.
මයිරී බ්ලැක් නමැති ඇය 1667 වසරෙන් පසු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වූ ළාබාලතම තැනැත්තිය බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.