ලාංකික නිවුන් සොහොයුරියන් ඔස්ට්‍රේලියාවේදී වාර්තාවක් තබයි!

ලාංකික නිවුන් සොහොයුරියන් ඔස්ට්‍රේලියාවේදී වාර්තාවක් තබයි!

සුප්‍රකට මෙල්බර්න් විශ්වවිද්‍යාලයෙන් වාර්තාවක් තැබීමට ශ්‍රී ලාංකික තරුණියන් දෙදෙනෙක් සමත්ව සිටිති.

නව වාර්තාව පිහිටුවීමට නදීශා ගුණරත්න සහ තේජානි ගුණරත්න යන සහෝදරියන් දෙදෙනා සමත් වූහ.

ඒ විශ්වවිද්‍යාලයේ ඉතිහාසයේ එකවර ආචාර්ය උපාධිය ලබාගත් නිවුන් සහෝදරියන් බවට පත්වීමට ඔවුන් දෙදෙනා වුණා.

වඩා විශේෂත්වය වන්නේ ලෝක නිවුන් දිනයෙදී නිවුන් සොයුරියන් ආචාර්ය උපාධියක් ලබා ගැනීමයි.

2016 දී ඔවුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ආහාර විද්‍යාව හා තාක්‍ෂණය පිළිබඳ ආචාර්ය උපාධිය හැදෑරූහ.

තේජානි ගුණරත්න දැනට CSIRO හි ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥවරියක් වන අතර නදීෂා ගුණරත්න ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හි අධ්‍යයන විද්‍යාඥවරියකි.

Share this: