ඊයේ දිනයේ සිට තමිල්නාඩුවේ, තිරුචි හි විශේෂ කඳවුරක රඳවා සිටින ශ්‍රී ලාංකික සරණාගතයෙකු උපවාසයක් ආරම්භ කර ඇත.
තමන් නිදහස් කරන ලෙස ඉල්ලමින් ඔහු මෙම උපවාසය ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ව්‍යාජ වීසා භාවිත කිරීමේ චෝදනා මත 30 හැවිරිදි හසන් මොහොමඩ් නැමැති මෙම ශ්‍රී ලාංකිකයා මෙලෙස විශේෂ කඳවුරක රඳවා ඇති බව සඳහන්ය.
තමාගේ දඬුවම් කාලය අවසන් වී තිබුණ ද තමා නිදහස් කිරිමට බලධාරීන් කටයුතු නොකළ බවට චෝදනා කරන උපවාසකරු තමාට නිදහස ලබා තම මව් බිමට යෑමට අවශ්‍ය බව පවසා ඇති අතර, මොහු සම්බන්ධයෙන් මේ වන විට තමිල්නාඩු ප්‍රාන්ත බලධාරීන් දැනුවත් කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
Share this: