ලසන්ත ගේ සහා මන්ත්‍රී රවි රාජ් ගේ, ඝාතනවල අත්ත නොබෝ දිනකින් එළියට

ලසන්ත ගේ සහා මන්ත්‍රී රවි රාජ් ගේ, ඝාතනවල අත්ත නොබෝ දිනකින් එළියට

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරජා රවි රාජ් යන මහත්වරුන් පසුගිය රජය සමයේ දී, ඝාතනයට ලක්විය.

මෙම අභිරහස් මරණ තවත් නොබෝ දිනකින් විසදෙනු ඇතැයි මහජන ආරක‍්ෂා පිළිබද ඇමති ජෝන් අමරතුංග මහතා කියා සිටියි.

අමාත්‍යවරයා පසුගියදා මේ බව සඳහන් කළේ, වත්තල ප්‍රදේශයේ පැවැති උත්සවයකදීය.

දැනටමත්, එම ඝාතනවලට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයන් කිහිප දෙනෙකුම අපරාධ පරීක‍්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒඅය අතරට නාවික හමුදාවේද කිහිප දෙනෙක් සිටින අතර රැදවුම් නියෝග මත රදවාගෙන පරීක‍්ෂණ පැවැත්වෙන බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර ඇතැයි වාර්තා වේ.

Share this: