ලන්ඩන් නගරයේ මෙට්රොපොලිටන් පොලීසියට නවක පොලිස් කොස්තාපල්වරුන් බඳවා ගැනීමේදී ඉංග්රීසි භාෂාවට අමතරව තවත් එක් භාෂාවක් ප්රගුණ කර තිබීම අනිවාර්ය කර ඇති අතර එම භාෂා 14 තුලට සිංහල භාෂාව ද ඇතුලත් වීම සුවිශේෂත්වයකි.
ඔවුන් ඉදිරිපත් කර ඇති භාෂා 14 වන්නේ සිංහල (ශ්රී ලංකා) , අරාබි, බෙංගාලි, ජර්මන්, ග්රීක, හීබෲ, හින්දි, ඉතාලි,පෝලන්ත, පෘතුගීසි, පන්ජාබ්,ස්පාඤ්ඤ, තුර්කි හෝ යොරුබා (නයිජීරියාව) යන භාෂා වේ.
මෙට්රොපොලිටන් පොලීස් නිල වෙබ්අඩවියේ සඳහන් වෙන්නේ, පොලිස් නිලධාරීන්යට දෙවන භාෂාවක් කතා කිරීමට හැකියාව තොරව තම රාජකාරි සිදු කිරීමට හැකි මුත් එක් අමතර භාෂාවක් ප්රගුණ කර තිබීම සමඟ තමන් සහ තම සගයින් අතර ද, ප්රජාව සමගද වඩාත් හොදින් ගනුදෙනු කිරීමට හැකියාව ලැබෙන බව ය.
Share this: