ලගදීම ඉන්ධන මිල ඉහළට

ලගදීම ඉන්ධන මිල ඉහළට

ලගදීම ඉන්ධන මිල ඉහළ යාමේ අවදානමක් පවතින බව වාර්තා වෙයි.

පසුගියදා ඉන්ධන මිල කැපී පෙනෙන ලෙස අඩු කළද ඒ සඳහා අය කෙරෙන බදු පහත නොදැමීම හේතුවෙන් සංස්ථාවට දැඩි මූල්‍ය අලාභයක් සිදුව ඇති බව ඛනිජතෙල් සංස්ථා ආරංචි මාර්ග පවසයි.

තවද, ඛනිජතෙල් සංස්ථා ඉහළ නිළධාරියෙකුද තහවුරු කළේ, ගතවූ මාස කිහිපයක කාලය තුළ ඉන්ධන අළෙවියෙන් ඛනිජතෙල් සංස්ථාවට රුපියල් බිලියන 04 කට ආසන්න අලාභයක් සිදුව ඇති බවයි.

ඒ අනුව ඔව්හුන් සදහන් කරන්නේ, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 21 කට අධික අලාභයක්ද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 15 කට අධික අලාභයක් ද සිදුවන බවයි.

තවද, රුපියල් 65 කට අළෙවි කරන භූමිතෙල් ලීටරයකින් රුපියල් 16 කට අධික අලාභයක් සිදුවන බව ඛනිජතෙල් සංස්ථාව පවසයි.

නමුත් ඩීසල් අළෙවියෙන් ඛනිජතෙල් සංස්ථාවට ලාභයක් ඇති බව ද සඳහන්ය.

තවද, ඛනිජතෙල් සංස්ථා ආරංචිමාර්ග පවසන්නේ, ඉන්ධන සඳහා අය කෙරෙන බදු ප්‍රමාණය අඩු කරන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීම් කළද මෙතෙක් ඊට එකඟතාවක් පළ වී නොමැති බවයි.

ඛනිජතෙල් සංස්ථාවේ ප්‍රධානියෙකු පැවසුවේ මීට විකල්පයක් ලෙස ඉදිරියේදී ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට යෝජනා කර ඇති බවයි.

Share this: