ලංසිගමදී යතුරුපැදිය ගැටී පැදිකරු මරුට

ලංසිගමදී යතුරුපැදිය ගැටී පැදිකරු මරුට

යතුරු පැදියක් පුද්ගලික බස් රථයක ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් යතුරු පැදිකරු එම ස්ථානයේදීම මිය ගොස් ඇත.

හලාවත – කොළඹ මාර්ගයේ මාරවිල – ලංසිගමදී ඊයේ(03) මධ්‍යම රාත්‍රී  12.00 ට පමණ මෙම අනතුර සිදූවූ  බව මාරවිල පොලීසිය පවසයි.

නාත්තන්ඩිය – මරඳ, ඉද්දමල්ගම පදිංචිව සිටි හැන්දෙණිය කංකානම්ලාගේ රංගන නිශාන්ත (අවු:40) නම් අයෙක් මෙම අනතුරින් මියගොස් ඇත.
අනතුරට සම්බන්ධ පුද්ගලික බස් රථය කොළඹ සිට වව්නියාව බලා ගමන් කරමින් සිට ඇති අතර බස් රථයේ යතුරු පැදිය ගැටීමෙන් තුවාල ලබා සිටි යතුරු පැදිකරු එම ස්ථනයේදීම මිය ගොස් ඇති බව පොලීසිය කියයි.

අනතුරට සම්බන්ධ පුද්ගලික බස් රථය සහ එය පැදවූ බව කියන රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මුන්දලම, මංගළඑළිය පදිංචිකරුවෙකි.

මාරවිල පොලීසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

Share this: