ලංගම බස් ගාස්තු ගෙවීමට QR කේත ක්‍රමය හඳුන්වා දීමට යයි

ලංගම බස් ගාස්තු ගෙවීමට QR කේත ක්‍රමය හඳුන්වා දීමට යයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල ගාස්තු ගෙවීම සඳහා මගීන්ට QR කේත ක්‍රමයක් හඳුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අප්‍රේල් 09 වැනිදා නුවරඑළියේ පැවති උත්සවයකට එක්වෙමින්ය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලංගම බස් ඩිපෝ හතක් සඳහා බස්රථ 26ක් බෙදා හැරීම ප්‍රවාහන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

Share this: