අධික වේගයෙන් ධාවනය වු ලංගම බස් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයන් ඉවතට පැන නවතා තිබු කන්ටේනර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පවසි.
දඹුල්ල – කුරුණෑගල මාර්ගයේ කිලෝමිටර් 55 කණුව ආසන්නයේ මෙම රිය අනතුර සිදුවී ඇත.
මෙම අනතුරින්, බස් රථයේ ගමන්ගත් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගොකරැල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
Share this: