ලංකා ප්‍රිමියර් ලීග් ජූලි සහ අගෝස්තු මාසවලදී!

ලංකා ප්‍රිමියර් ලීග් ජූලි සහ අගෝස්තු මාසවලදී!

2023 ජුලි 31 සිට අගෝස්තු 22 දක්වා 4 වන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය පැවැත්වීම නිවේදනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අපේක්ෂා කරයි.

කණ්ඩායම් පහකින් සමන්විත මෙම තරගාවලිය ජාත්‍යන්තර ක්‍රීඩාංගණ තුනකදී පැවැත්වේ.

“මෙම කාල සීමාව තුළ තරගාවලිය පැවැත්වීමෙන් ඉහළම ජාත්‍යන්තර දක්ෂතා ආකර්ශනය කර ගැනීමට අපට හැකි හොඳම අවස්ථාව ලැබෙන අතර ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රිකට් දින දර්ශනයට ද ගැලපෙන බැවින් මෙම වසරේ ජූලි සහ අගෝස්තු මාසවලදී තරගාවලිය පැවැත්වීමට අපි තීරණය කළෙමු,” ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා පැවසීය.

Share this: