ලංකාව හරිත ආර්ථිකයක් බවට පත් කිරීමට ජනපතිගේ බලාපොරොත්තුව

ලංකාව හරිත ආර්ථිකයක් බවට පත් කිරීමට ජනපතිගේ බලාපොරොත්තුව

ලෝකයේ කාලගුණික විපර්යාස අවම කිරීම ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල පමණක් වගකීමක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පරිසරය දූෂණය කිරීමට මූලික දායකත්වය සපයන සංවර්ධිත රටවල් ද ඒ සඳහා අරමුදල් හරහා දායක විය යුතු බව ඔහු අවධාරණය කළේය.

වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ සිකුරාදා (අප්‍රේල් 28) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පැවැති ජනාධිපති පරිසර සම්මාන 2021-2022 උත්සවය අමතමිනි.

දේශගුණික විපර්යාස අවම කිරීමට අවශ්‍ය සම්පත් සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් වෙත ලබාදීමට ශ්‍රී ලංකාව පෙරමුණ ගැනීමට අදහස් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Share this: