ලංකාවේ පොලිසියෙන් බේරෙන්න ඉන්දියාවට පැන්න “පාතාලයා”!

ලංකාවේ පොලිසියෙන් බේරෙන්න ඉන්දියාවට පැන්න “පාතාලයා”!

මෙරට අපරාධ රැසකට සම්බන්ධව ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට පළා ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊට සම්බන්ධ පුද්ගලයා මණ්ඩපම් හි සරණාගත කඳවුරක රැඳී සිටියදී ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මන්නාරම ප්‍රදේශයේ පදිංචි එස්. සිංතුජන් නමැති 22 හැවිරිදි තරුණයා මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ ක්‍රියාවලට සම්බන්ධ බවට අනාවරණය විය.

මෙම සැකකරු ශ්‍රී ලංකාවේදී පොලිස් අත්අඩංගුවට පත් නොවීම සඳහා පසුගිය 17 වැනිදා නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් තමිල්නාඩුවට පළාගොස් ඇති බවද වාර්තා වේ.

Share this: