මේවනවිට ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා විනිවිද භාවය පිළිබඳව අමෙරිකාවේ අවධානය යොමුවී තිබේ.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ, පසුගියදා මෙරට සංචාරයක නිරත වු මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය සහ කම්කරු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර ලේකම් ටොම් මාලිනව්ස්කි මහතා විසින් ඒ පිළිබඳව අධ්‍යයනයක් සිදුකර ඇති බවයි.
තවද, එම සංචාරයේ දී අමෙරිකානු සහකාර ලේකම්වරයා ශ්‍රී ලංකා රජයේ ඉහළ පෙලේ නිලධාරීන් සමග මෙන්ම මානව හිමිකම් නියෝජිතයින් සමග ද මෙරට ප්‍රජාතන්ත්‍රවාදය, විනිවිදභාවය හා වගවීම පිළිබඳව සාකච්ඡා කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් අමෙරිකානු සහකාර ලේකම් ටොම් මලිනව්ස්කි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට වාර්තාවක් ද ඉදිරිපත් කර තිබේ.
Share this: