ශ්‍රී ලංකාව විසින් යෝජිත “දේශගුණික සෞභාග්‍ය සැලැස්ම” ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ ප්‍රායෝගික සහාය ලබාදීමට එක්සත් රාජධානිය කැමැත්ත පළ කළේය.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස් Lisa Whanstall මහත්මිය දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා උත්සාහය අගය කරන බවත් ඉදිරියේදී අවශ්‍ය තාක්ෂණික සහ න්‍යායාත්මක සහය ලබාදීමට උත්සාහ කරන බවත් පැවසුවාය.
දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ එක්සත් රාජධානියේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා අතර පැවති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය සඳහා අවශ්‍ය සහය ලබා දෙන බවද Lisa Whanstall මහත්මිය පැවසුවාය.
Share this: