ලංකාවේ තෙල් නිධි 2ක් තියෙනවා – අමාත්‍ය පාඨළී චම්පික

ලංකාවේ තෙල් නිධි 2ක් තියෙනවා – අමාත්‍ය පාඨළී චම්පික

විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨළී චම්පික රණවක මහතා පවසන්නේ, 2020 වන විට විදේශ රටවලින් ගෑස් සහ ඉන්ධන මෙරටට ආනයනය කිරිම නතර කිරිමට කටයුතු කරන බවයි.

අමාත්‍යවරයා පවසන්නේ මේ වනවිටත් මන්නාරම් ද්‍රෝණියෙන් තෙල් නිධි දෙකක් හමුවී ඇති බවයි. ටොරෙඩෝ සහ පැරකෘඩා යන ගෑස් නිධි ඒවා වන බව ඔහු සඳහන් කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, පුත්තලම, ආනමඩුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමිනි.

එසේම පසුගිය කාලය තුළ සිදුවු දූෂණ වංචා පිළිබඳව මෙම මාසය තුළ රටට හෙළි කරන බව මෙහිදි වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Share this: