ලංකාවේ මුලතිව්හි සිට ළමුන් තිදෙනෙකු සහ කාන්තාවන් හතර දෙනෙකු ඇතුළු තවත් සරණාගතයින් දස දෙනෙකු ඉන්දියාවේ ධනුෂ්කොඩි දූපතට යාත්‍රාවකින් අලුයම ළඟා වූ බව ඉන්දීය මැරීන් පොලිසිය සෙනසුරාදා ප්‍රකාශ කළේය.
මෙම තොරතුරු ලැබීමෙන් පසු පොලිස් නිලධාරීන් දූපතට ගොස් ඉන්දීය වෙරළ තීරයේ රැඳී සිටින සරණාගතයින් ප්‍රශ්න කිරීම සඳහා ඔවුන් පෙරවරු 7 ට පමණ මණ්ඩපම් දුම්රිය ස්ථානයට ගෙන එන ලදී.
Share this: