චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය Chen Zhou මහතා චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ විශේෂ පණිවුඩයක් සමග දිවයිනට පැමිණ කොළඹදී පැවැති හමුවකට සහභාගි විය.
20 වැනි චීන ජාතික කොංග්‍රසයේ දැනුවත් කිරීමේ රැස්වීමට ද පක්ෂ නියෝජිතයෝ සහභාගි වූහ.
එහිදී චීන නියෝජිත පිරිස සූර්ය බලශක්ති උත්පාදන යන්ත්‍ර 1000ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළහ.
චීනය ලොව විශාලතම පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදකයා, පාරිභෝගිකයා සහ අපනයනකරුවා ලෙසද සැලකේ.
ජනාධිපති වික්‍රමසිංහ මහතා චීන නියෝජිත පිරිස හමුවූ අවස්ථාවේදී රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට සහාය දෙන ලෙස ඉල්ලීමක් කළේය.
Share this: