වංචනික වීසා වෙබ් අඩවි සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය උපදේශනයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා ETA (Electronic Travel Authorization) වීසා සඳහා අධික ගාස්තු අය කරන නොමඟ යවන වෙබ් අඩවි පිළිබඳව ශ්‍රී ලංකා ආගමන හා විගමන පාලක ජනරාල්වරයා ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට අනතුරු අඟවා ඇත.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ETA වීසා බලපත්‍ර නිකුත් කිරීමේ අධිකාරිය වන අතර එහි වෙබ් අඩවිය සඳහා නිවැරදි සබැඳිය පහත පරිදි වේ: https://www.immigration.gov.lk/
එමගින්, ETA වීසා සඳහා ශ්‍රී ලංකා රජයේ නිල වෙබ් අඩවිය පමණක් භාවිතා කරන ලෙස සංචාරකයින්ට උපදෙස් දෙනු ලැබේ: http://www.eta.gov.lk
Share this: