ලංකාවට අඛණ්ඩව සහය දීමට ජපානය සුදානම්

ලංකාවට අඛණ්ඩව සහය දීමට ජපානය සුදානම්

ඊයේ(06) මෙරටට පැමිණි ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මිනොරු කියුචි මහතා පවසා තිබුනේ, ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා අඛණ්ඩවම සහය ලබාදීමට ජපානය සුදානම් බවයි.
ඔව්හු මේ බව සදහන්කලේ අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවෙමින් මේ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ජපානය ඉතා ලිහිල් කොන්දේසී යටතේ ණය ලබාදීමට සහ කිසිදු කොන්දේසීයකින් තොරව මෙරටට ආධාර ලබාදීමට කටයුතු කිරිම, ජපන් ජනතාවට ආවේණික කාරුණිකත්වය පිළිබිඹු කරන්නක් බව ජනාධිපතිවරයා එහිදි ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවට සංවර්ධන ආධාර ලබාදෙන රටවල් අතරින් ජපානය ප්‍රමුඛ තැනක් ගනී.

තවද ජාත්‍යන්තර වේදිකාවලදී ද ශ්‍රී ලංකාවට විශාල සහයෝගයක් ලබාදිම පිළිබඳ ජනාධිපතිවරයා විසින් එහිදි ජපන් රජයට ස්තුතිය පළකළ බව එම මාධ්‍ය අංශය පැවසුවේය.

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරිමට නව රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සිය ප්‍රශංසාව පළකළ ජපන් විදේශ අමාත්‍යවරයා ජනතාව අතර සාමය සහ සංහිදියාව ගොඩනැඟීමේ වැඩකටයුතු වලදී ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදිමට සුදානම් බව ද ප්‍රකාශ කර තිබේ.

Share this: