රෝහිත රාජපක්ෂ සමාව අයැදී

රෝහිත රාජපක්ෂ සමාව අයැදී

සමාජ මාධ්‍ය හරහා තමන් විසින් සිදුකරන ලද අදහස් පළ කිරීමක් නිසා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ සියලු දෙනා ගෙන් සමාව අයැද සිටිනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් රෝහිත රාජපක්ෂ කියා සිටියේ කිසියම් පුද්ගලයෙකුට හෝ ප්‍රජාවකට හිතාමතාම කරදරයක් කිරීමට තමාට කිසිදු අදහසක් නොමැති බවයි. තමාව සහ සහෝදරයින්ව ඉලක්ක කරගෙන සිදුකළ ප්‍රකාශයට පිළිතුරු සැපයීම පමණක් තමා විසින් එය සිදුකළ බවයි ඔහු වැඩිදුරටත් එහි සඳහන් කර ඇත්තේ.

සිය සහෝදරයා වන නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයාට සහය දක්වමින් රෝහිත රාජපක්ෂ පළකර තිබු ට්විටර් සටහනකට යම් පුද්ගලයෙකු විසින් මෙලෙස පිළිතුරු ලබාදී තිබුණා.

” එකම අවුරුද්දක් තුල ඔබ ඇතුළු සහෝදරයින් තිදෙනා විවාහ වුණා. ඒ විවාහ උත්සව 09 ක් පවත්වමින්. ඔබගේ ඥාතීන්ට රජයේ උසස් තනතුරු ලැබී තිබෙනවා වගේම ඔබලා මහජන මුදලින් නඩත්තු වෙමින් අරලියගහ මන්දිරයට වී අවශ්‍ය ඕනෑම තැනකට රොකට් යවමින් සිටිනවා. මේ තමයි අපි ලබා ඇති දෙය” යනුවෙන්.

“මගේ පෞද්ගලික වත්කම් ප්‍රකාශ කර කිරීමට කිසිදු වගන්තියක සඳහන් නැහැ. නමුත් මාව විශ්වාස කරන්න, අපගේ පුද්ගලික ප්‍රතිලාභ සඳහා කිසිදු මහජන අරමුදලක් භාවිතා කරන්නේ නැහැ. ඔබට නිසි රැකියාවක් සහ අධ්‍යාපනයක් නොලැබෙන්නේ ඇයි? එවිට ඔබ වෙනත් පුද්ගලයෙකුගේ සාර්ථකත්වයට ඊර්ෂ්‍යා නොකරනු ඇත. බිරිඳක් අරගෙන දරුවන් ඇති කරගන්න ” යැයි එම ට්විටර් පණිවුඩයට ප්‍රතිචාර දක්වමින් රෝහිතා රාජපක්ෂ පවසා සිටියා.

රෝහිත රාජපක්ෂගේ එම ප්‍රතිචාරයත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ලවීමත් සමග ඔහු තමන් සිදුකළ දේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියා.

Share this: