ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැඳවියෙකු මැයි 25 වැනිදා අලුයම පලා ගොස් ඇතැයි බන්ධනාගාර නිලධාරීහු පවසති.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ ගාල්ල බන්ධනාගාරයේ සිටි රැඳවියා අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කළ බවයි.
පලාගිය රැඳවියා කරාපිටිය ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 19 හි ප්‍රතිකාර ලබමින් සිට ඇත.
ඒකනායක මහතා අවධාරණය කළේ මෙම සිරකරු මත්ද්‍රව්‍ය චෝදනාවකට වරදකරු වී මාස 02ක පමණ කාලයක් බන්ධනාගාරගතව සිටි බවයි.
Share this: