කොළඔ ජාතික රෝහළ යනු ශ්‍රී ලාංකිකයන් හට මහත් වු සම්පතකි. දිනකට දහස් සංඛ්‍යාත රෝගීන් පිරිසක් පැමිණෙන මෙම ස්ථානයේ දැඩි නීති රීති පද්ධතියක් අනුගමනය කරනු ලබන්නේද රෝගීන්ගේ ආරක්ෂාව, සුවපහසුව වෙනුවෙන්මය.
රෝහගේ වෛද්‍යවරැන්ගේ හා අනෙකුත් කාර්ය මණ්ඩල සේවකයන්ගේ වාහන සදහා රථගාල් කිහිපයක්ම රෝහල් පරිශ්‍රය තුළ තිබියදීත් මෙම ත්‍රී රෝද රථය වාහන නැවැත්වීමට තහනම් වු කළාපයේ, රෝහල් භූමිය තුළ නවත්වා ඇත.
මෙම ඡායාරෑපය අප කැමරා කාචයේ සටහන් කරන අතරදී, රෝහල් සේවකයෙකු ඊට විරෝධය පා, පවසා සිටියේ “මේක අපේ වැඩ කරන කෙනෙකුගේ ත්‍රීවිල් එකක් ඇයි පිංතුර ගන්නේ” ලෙසය. රෝහල් පරිපාලනය මෙම ස්ථානය වාහන නැවැත්වීමට තහනම් කර ඇත්තේ යම් කිසි හේතුවක් නිසා විය යුතුය.
එම ත්‍රීරෝද රථයේ හිමිකාර සේවකයා මේ පිළිබදව නොදන්නේද, දැනගෙනම එම වැරැද්ද කරන්නේදැයි අපි නොදනිමු.
සැකසුම – සී.එදිරිමාන්න
Share this: