ශ්‍රී ලංකාවේ රජයේ රෝහල්වල බෝවන අපද්‍රව්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) හරහා ජපන් යෙන් මිලියන පන්සිය තුනක ව්‍යාපෘති ආධාරයක් ලබාදීමට අදාළ හුවමාරු සටහන් අත්සන් කිරීම අප්‍රේල් 26 වැනිදා සිදු කර ඇත.
තෝරාගත් රජයේ රෝහල්වල වෛද්‍ය අපද්‍රව්‍ය දහන යන්ත්‍ර සවි කිරීම මගින් බෝවන අපද්‍රව්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම, එමගින් සෞඛ්‍ය උවදුරු අවම කිරීමට දායක වීම ව්‍යාපෘතියේ අරමුණයි. ඉහත අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සියලුම පළාත් ආවරණය වන පරිදි දාහක ස්ථාපනය කිරීමට රෝහල් 15ක් තෝරාගෙන ඇත.
ව්‍යාපෘතිය යටතේ LP ගෑස් දාහක, ස්වයංක්‍රීය උෂ්ණත්ව පාලන පද්ධති සහ පාරිසරික ප්‍රමිතීන්ට අනුකූලව ධාරිතාවන් දෙකකින් දහන යන්ත්‍ර 15 ක් සපයනු ලබන අතර පුහුණු කිරීම සඳහා වන ව්‍යාපෘතියේ මෘදු අංගයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය තාක්ෂණික මග පෙන්වීම ද ලබා දෙනු ඇත.