හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දූෂිතයින් අාරක්ෂා කළ බව ඔහුම පවසා අැති නිසා හොරකම්,කුපාඩිකම් සිදු කළ පුද්ගලයින්ව රටට හෙළිකරන ලෙස රෝසි සේනානායක මහත්මිය ප්‍රකාශ කර සිටියාය. අැය මේ බව පැවසුවේ අද (10) පැවති මාධ්‍ය හමුවකදීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් හිටපු මැති අැමතිවරු හොරකම් කුපාඩිකම් බලුකම් සිදු කල විට ඒවා වසංකිරීමේ ප‍්‍රතිඵල තමයි අද මම භුක්ති විදින්නේ යැයි අවස්ථා තුනකදී ප‍්‍රකාශ කර ඇතැයිද ඇය පැවසුවේය.එසේම ලබන 13 වනදා නාමයෝජනා භාර දීමට පෙර එම මැති ඇමතිවරුන් කවුරුන්දැයි රටට හෙළි කරන ලෙසටද අභියෝග කළේය.හොරැන් ආරක්ෂා කිරීමටත්, කළ වැරදි වසා ගැනීමටත් හිටපු ජනාධිපති වරයා නැවත බලය ලබා ගැනීමට උත්සාහ දරණ බවද ඇය පැවසුවාය.
Share this: