රෝද තුන පෙරළී අම්මයි දුවයි මරුට

රෝද තුන පෙරළී අම්මයි දුවයි මරුට

බගවන්තලාව-හැටන් ප්‍රධාන මාර්ගයේ, ත්‍රීරෝද රථයක් අනතුරට ලක්වීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බගවන්තලාව-හැටන් ප්‍රධාන මාර්ගයේ වනරාජා ප්‍රදේශයේදී අඩි 300 ක් පමණ ප්‍රපාතයකට ත්‍රීරෝද රථය පෙරළී යාමෙන් අනතුර සිදුව ඇති බව සඳහන් වෙයි.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ හැත්තෑ හැවිරිදි කාන්තාවක සහ 48 හැවිරිදි ඇගේ දියණිය වන අතර ,
අනතුරින් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් දික් ඔය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි

අධික වේගයෙන් ධාවනය වී ඇති ත්‍රීරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කරයි.

Share this: