රෝගය ගැන කලකිරී – දිවි නසා ගනියි

රෝගය ගැන කලකිරී – දිවි නසා ගනියි

පුද්ගලයෙකු වෙඩි තබාගෙන සියදවි හානි කරගෙන තිබේ. ඔහු බිබිල, අඹේලන්ද පල්ලෙඅරාව ප්‍රදේශයේදී පදිංචි කරුවෙක් බව අනාවරණය වේ.

අද (04)අළුයම 4.00ට පමණ අදාළ පුද්ගලයා වෙඩි තබා ගන්නා අවස්ථාවේදී ඔහුගේ බිරිඳ සහ දරු තිදෙනාද නිවසේ සිට ඇති බව වාර්තා වෙන අතර, කාලයක සිට අදාළ පුද්ගලයාට පවතින පිළිකා රෝග තත්ත්වයක් හේතුවෙන් ඇතිවු සිත් තැවුලක් මත සිය දිවි හානි කරගෙන ඇති බව මූලික විමර්ශන වලදී අනාවරණ වී තිබේ.

මහේස්ත්‍රාත් පරික්ෂණය සහ පශ්චාත් මරණ පරික්ෂණ අද සිදුකිරිමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් බිබිල පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

Share this: