බොහෝ විශාල දේ සෑදෙන්නේ කුඩා දේ වලිනි. කුඩා මීමැස්සන් එක්වී මී වදයක් සාදයි. මේ හැම අවස්ථාවකම රංචු වල හෝ කණ්ඩායම් වල හෝ විමාන වල එක් කුඩා ඒකකයක් නොසැලකියයුතු තරම් කුඩාය. එහෙත් එක් එක් කුඩා ඒකක තමන්ට අයත් කුඩා වැඩ කොටස නිසා ලෙස ඉටු කිරීම තුලින් ඉතා විශාල කාර්යභාරයක් සාර්ථකව නිම කරති.
මේ නිසා ස්වභාව ධර්මයෙන් බොහෝ දේ ඉගෙන ගන්නා බව සැබෑය. කුඩා සතුන් රාශියක් එක්ව වැඩ කරන ආකාරයට මිනිසා සිදුකළ මහා කාර්ය ලෙස අති විශාල පිරමීඩ වැනි නිර්මාණ පෙන්වා දීමට හැකිය.
Swarm Robotics යනු මෙම නව රොබෝ තාක්ෂණයට ලබා දී ඇති බවයි. Swarm යන ඉංග්‍රීසි වචනයකි. අර්ථය රංචුව, ගහනය, විමානය යන සිංහල අරුකත් වලට සමාන වන බැවින් අපි එයට රොබෝ විමාන තාක්ෂණය ලෙස භාවිතා කරමු. මෙහි අරමුණ වන්නේ ඉතාමත් කුඩා රොබෝ යන්ත්‍ර අතිවිශාල ප්‍රමාණයක් එකට ක්‍රියාකරන සේ සකසා ඒවා මගින් විශාල කාර්යයක් ඉටු කිරීමට තැත් කිරීමයි.
මේ වන විට ඇමරිකාණු හාවඩ් විශ්ව විද්‍යාලයේ ක්‍රියාත්මක කරවනkilobot ව්‍යාපෘතිය මෙවන් රොබෝ විමාන ව්‍යාපෘති වලින් එකකි. මෙම රොබෝ යන්ත්‍ර විමාණයේ යන්ත්‍ර 1024 ක් ඇති අතර එක් රොබෝවකුගේ විශ්කම්භය සෙන්ටිමීටර 3 ක් පමණ වේ. එක් රොබෝවකුට කුඩා පාද තුනක් ඇති අතර ඒවා වරණය කිරීමට යොදා ගන්නේ ජංගම දුරකථනයක් vibrateකරවීම සඳහා භාවිතා කෙරෙන ආකාරයේ මෝටරයකි. එක් kilobotරොබෝවකු සෑදීමට වැය වන්නේ ඇ.ඩො. 20 ක් පමණ මුදලකි.
ඔබ Transformers 2 චිත්‍රපටය නරඹා ඇත්නම් එහි එක් අවස්ථාවකදී කුඩා බෝල වැනි රොබෝවන් රාශියක් එකට එක්වී විශාල රොබෝවකු සෑදෙන ආකාරය දකින්නට ඇත. Swarm Robotics තාක්ෂණයේ පරමාර්ථය කෙදිනක හෝ එවන් ඉලක්කයට ලඟා වීමයි.
තවමත් kilobot රොබෝවන්ට ත්‍රිමාණ හැඩ මැවීමට නොහැකි වුවද ද්වීමාන හැඩකල මැවීමට හැකියාව ලැබේ. මෙහිදී එක් එක් රොබෝ යන්ත්‍රයකට වෙන වෙනම විධාන දීම අවශ්‍ය නොවේ. අදාල හැඩ තලය ලබා දුන්විට ස්වයංක්‍රීයවම රෙබෝ යන්ත්‍ර සමූහය අදාල හැඩතලයේ කොන් හෝ සීමා වල පළමුවෙන්ම යන්ත්‍ර කීපයක් පිහිටුවා ගනී. ඉන් පසුව එකි නෙකාගේ අධෝරක්ත සංවේදක මගින් එකිනෙකා හඳුනාගෙන ස්ථාන ගත වී අදාල හැඩතලය සම්පූර්ණ කරගනී. මෙහිදී රොබෝ යන්ත්‍ර කණ්ඩායමට නායකයෙකු නැති බැවින් නායක අසාර්ථක වීමේ දී ඇති වන අක්‍රමිකතා ඇති නොවේ. එසේම යම් රොබෝවකු ඉවත යාමේ දී, අක්‍රීය වීමේ දී හෝ වැරදි ලෙස ක්‍රියා කිරීමේ දී එය මග හැර හෝ එය නිවැරදි කර කර්තව්‍යය ඉටුකිරීමට රොබෝ විමානයකට හැකියාව ඇත.
වත්මන් රොබෝ විමාන පර්යේශකයන් උත්සාහ කරන්නේ මේ රොබෝවන්ට එකම මනසක් ලබා දීමයි. එවිට ඔවුන් සියලු දෙනාට තමා කරනු ලබන දේ පිළිබඳ සාමාජිකයින් කරනු ලබන දේ පිළිබඳව ක්ෂණිකව දැනුම ලැබෙනු ඇත. එය බොහෝ විට ප්රතිමාකරැවෙක් දැණුම භාවිතා කර ප්‍රතිමාවක් ඇඹීමට සමානය. නමුත් ප්රතිමාවඇඹීමට රොබෝවන් දහස් ගණනක් යොදා ගැනෙනු ඇත.
kilobot වුවද තවමත් එතරම් වේගවත් නැත. සංකීර්ණ හෝ සරළ හැඩයක් මැවීමට තවමත් ඔවුනට පැය 6 – 12 ක් අතර කාලයක් ගතවේ.මෙහිදී එම ගැටළුවට ප්‍රධාන හේතුව වන්නේ kilobot යන්ත්‍රවල රෝද අඩංගු නොවීමයි. රෝද අඩංගු කළ හොත් රොබෝ යන්ත්‍රය ප්‍රමාණයෙන් මෙන්ම මිලෙන්ද ඉහල යන බැවින් තවමත් විද්‍යාඥයින් මිල සාධකය මත සිරවී සිටින බවක් පෙනේ.
කෙසේ වුවද kilobot වැනි ව්‍යාපෘති හරහා ලඟා කරගත් තාක්ෂනික ජයග්රහන හා නව නිපැයුම් ප්‍රමාණය අතිවිශාල බව පරීක්ෂකයන් පවසති. නුදුරු අනාගතයේ දීම ත්‍රිමාණ හැඩතල මැවීමට හැකි රොබෝ විමාණ ඉදිකිරීමට හැකිවනු ඇතැයි ඔවුන් ප්‍රකාශ කර සිටිති.
එබැවින් නුදුරු අනාගතයේ දී ඔබටක්ෂුද්ර රොබෝවන් දහස් ගණනින් සෑදුනු එදිනෙදා ගේ දොර භාවිතා කෙරෙන උපකරණ මිලට ගත හැකි වනු ඇත. ඇන වල ප්‍රමාණයට ප්‍රමාණය ස්වයංක්රීයවසකස් වන යතුරු හෝ ස්කුරුප්පු නියන්, කෑම බඳුනේ ප්‍රමාණයට සකස් වන පියන් හෝ බන්දේසි, පුද්ගලයාගේ ප්‍රමාණයට සකස් වන කොසු වැනි දෑ රොබෝ විමාන වලින් කළ හැකි දේ වලින් කීපයකි. එසේම මිනිසුන්ට හෝ විශාල රොබෝ යන්ත්‍ර වලට ලඟා වීමට නොහැකි තැන් වලට විවිධාකාර භයානක මෙහෙයුම් සාර්ථකව ඉටුකරන රොබෝ විමානද මෙලොව එලිය දකින දිනය වැඩි ඈතක නොවන බව කිව යුතුය.