රේනෝගෙන් හිරුණිකාට සහ රන්ජන්ට අභියෝගයක්

රේනෝගෙන් හිරුණිකාට සහ රන්ජන්ට අභියෝගයක්

තම කීර්තිනාමයට සිදුකළ හානිය වෙනුවෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

කාඩ්බෝඩ් වීරයන් ලෙස පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ප්‍රකාශ කිරීමෙන් වැළකී හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතදී එම ප්‍රකාශ කරන ලෙස ඔහු මන්ත්‍රීවරුන් දෙපළට අභියෝග කරනවා.

කිසිඳු සොයා බැලීමකින් තොරව එම සාවද්‍ය ප්‍රකාශ විකාශය කළ මාධ්‍ය නාලිකා වලට එරෙහිව තම කීර්තිනාමයට සිදුකළ හානිය සඳහා රුපියල් බිලියනක වන්දි ඉල්ලා මේ වන විටත් එන්තරවාසි යොමුකළ බවද රේනෝ සිල්වා ප්‍රකාශ කරනවා.

“කශේරුකාවක් නොමැති මෙම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී සාවද්‍ය ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තුව තුළ සිදුකරන ප්‍රකාශවලට අධිකරණ ක්‍රියාමාර්ග ගත නොහැකි නිසාවෙනි. හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතදී එම ප්‍රකාශ එලෙසම සිදුකරන ලෙසත් එලෙස ප්‍රකාශ නිකුත් කළ සැණින් තම කීර්තිනායමට සිදුකරන හානිය වෙනුවෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග වලට මුහුණදී බිලියන ගණනක වන්දියක් ගෙවීමට සූදානම් වන ලෙසත් අභියෝග කරනවා” යැයි ඔහු සඳහන් කරනවා.

Share this: