කමලනී සෙල්වරාජන් සමුගනී.

කමලනී සෙල්වරාජන් සමුගනී.

මින් දශකයකට පමණ පෙර ජාතික රූපවාහිනියේ ප්‍රකට දමිළ නිවේදිකාවක සිටි කමලනී සෙල්වරාජන් මහත්මිය ඊයේ 7 ජීවිතයෙන් සමුගත්තාය.

2009 වසරේ ජාතික රූපවාහිනියෙන් හදිසියේ සේවයෙන් පහකිරීම නිසා මානසික රෝගයකට බඳුන්වූ ඇය කථාකිරීමට නොහැකිව කම්පන තත්වයෙන් දිගු කලක් පසුවූ අතර ඇයට අත්වූ ඉරණම ගැන ඇතැම් පුවත්පත් මගින් කරුණුද අනාවරණය කර තිබුණි.
ජාතික රූපවාහිනියේ ආයුබෝවන් ඇතුළු වැඩසටහන් ගණනාවක ඉදිරිපත්කිරීම් කරන ලද ඇය සිංහල ප්‍රේක්ෂකයින් අතරද ජනප්‍රිය නමක් ඇතිකරගෙන සිටියාය.

Share this: