රු.8000 ක අල්ලසක් අසරණ ගොවි මහතෙකුගෙන් ලබාගත් බව කියන ගොවිජන සංවර්ධන නිලධාරිවරයෙකු හා ගොවි ජන කාර්යාලයේ සේවයේ නියුතුව සිටි ලිපිකරුවෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අක්කරෙයිපත්තුව, අට්ටානච්චේන ප්‍රදේශයේදී ඊයේ (28) පෙ.ව 11.20ට පමණ මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව පැමිණිලිකරු විසින් මිලදී ගන්නා ලද කුඹුරකට පොහොර සහනාධාරය ලබා ගැනීමේදී මුල් හිමිකරු වෙනුවට තමාගේ නමට පොහොර ලබාගැනීමට නම් රු.8000 ක මුදලක් ලබාදිය යුතු බවට සැකකරුවන් පවසා ඇත.
තවද එම මුදල ලබාගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට පත්වූ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රකාශකයා කියා සිටියේය.
ඒ අනුව මොවුන් දෙදෙනා අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
Share this: