රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රුසියාවේ සිට මත්තලට තවත් ගුවන් සේවාවක් ආරම්භ කරන බවයි.
මෙම නව ගුවන් සේවාව ලබන 28 වනදා ආරම්භ වන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
ඒ අනුව රුසියාවේ Red Wings ගුවන් සමාගම ශ්‍රී ලංකාවට නව ගුවන් ගමනක් ආරම්භ කිරීමට නියමිතයි.
රුසියාවේ මොස්කව් සිට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා සතියකට දෙවරක් ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට අදාළ ගුවන් සමාගම සැලසුම් කරයි.
මෙම නව ගුවන් සේවය ආරම්භ කිරීමත් සමඟ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සෘජු ගුවන් ගමන් වාර 3ක් ක්‍රියාත්මක වනු ඇත.
Share this: