රියදුරා සමග  තවකෙක්  රිමාන්ඩ්

රියදුරා සමග තවකෙක් රිමාන්ඩ්

පදිකයකු යටකර මියයාමෙන් පසුව පලාගිය බස් රියදුරෙකු සහ ඔහු වෙනුවෙන් පොලිසියට බාර වූ තවත් පුද්ගලයෙකු අධිකරණය විසින් එළඹෙන 8 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ගලේවෙල, තලකිරියාගම ප්‍රදේශයේදී මෙම සිදුවීම වී ඇත.

දඹුල්ල වැඩබලන මහේස්ත්‍රාත් ජයම්පති රත්නදිවාකර මහතා විසින් ඊයේ (31) දින මෙම නියෝගය දී ඇති අතර, කොළඹ සිට මුතුර් බලා ධාවනය වන බස් රථයකින් මෙම අනතුර සිදුවී ඇති අතර රියදුරු පලාගොස් සිටියේය.

පසුව එම සිදුවීමෙන් අදාළ බස් රථයේ රියදුරා තමන් බව පවසා වෙනත් අයකු ගලේවෙල පොලිසියට බාරවී ඇති අතර, පසුව පොලිසිය විසින් අදාළ බස්රථය පැදවූ නියම රියදුරා අල්ලා ගෙන දෙදෙනාම අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර රියදුරු බලපත්‍රයක් නොමැතිව වෙනත් අයෙකුගේ නමකට ලියවී ඇති තාවකාලික බලපත්‍රයකින් ඔහු දුර ගමන් බස් රථය පදවා ඇති බව අනාවරණය වී තිබේ.

තවද එම රියදුරාට දඹුල්ල අධිකරණයේ කසිප්පු නඩුවක වරෙන්තුකරුවෙකු බවද පැවසේ.

ලබන 8 වනදාට බස් රථයේ හිමිකරුද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දඹුල්ල වැඩබලන මහේස්ත්‍රාත් ජයම්පති රත්නදිවාකර මහතා නියෝග කල අතර, ගලේවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Share this: