“රැකියා ලක්ෂ 10ක් බිහිකිරිම මාගේ තවත් බලාපොරොත්තුවක්” -අගමැති කියයි

“රැකියා ලක්ෂ 10ක් බිහිකිරිම මාගේ තවත් බලාපොරොත්තුවක්” -අගමැති කියයි

මැතිවරණයෙන් පසු ප්‍රධාන වශයෙන් රැකියා ලක්ෂ 10ක් බිහි කිරීමත්, ජනතාවගේ ආදායම දෙගුණයක් කිරීමත්, ණය බර අඩු කිරීමත් මාගේ බලාපොරොත්තුව බව අගමැතිවරයා කියාසිටියේය.

ජනතාවට මෙම රජය යටතේ උපරිම සහන ලබාදුන් බව එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
ලැබුණු සහන සිංහල අවුරුද්ද වන විට ජනතාවට දැක ගත හැකි වනු ඇති බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.

කෘෂිකර්මාන්තය දියුණු කළ යුත්තේ කෙසේද? සේවා අංශ දියුණු කළ යුත්තේ කෙසේද යන වග පිළිබඳ අවධානය යොමු කළ යුතු බවද හෙතෙම පවසා සිටියේය. එය සිදු කළ යුත්තේ ස්වල්ප දෙනෙක් පොහොසත්වීමේ අරමුණින් නොව එහි භුක්තිය සියළු දෙනා අතරම ඛෙදීයා යුතු බව වික‍්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

රටට ශක්තිමත් මධ්‍යම පන්තියක් ඇතිකළ යුතු බවද රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණයෙන් පසුව අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහභාගි වූ මුල්ම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවට ඊයේ (17) එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

Share this: