රාශි චක්‍රය

රාශි චක්‍රය

පෘථීවිය කේන්ද්‍රකර සමකය වටා අහස කොටස් 12කට බෙදූවිට ලැබෙන කොටසට රාශියක් යැයි කියයි. එනම් එක රාශියකට අංශක 30 ක් වේ. මෙම රාශින් පිළිවලින් මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන ලෙස හැඳින්වෙයි.

රවි (සූර්යයා) පෘථීවිය වටා එක වටයක් ගමන් කිරීමට ගන්නා කාලය සූර්‍ය වර්ෂ එකකි. එනම් සූර්යය වර්ෂ වසරක් තුල සූර්යයා අංශක 360 ක් ගමන් කරයි. දිවාකාලය පාලනය කරන රවි ග්‍රහයාද රාත්‍රි කාලය පාලනය කරන සඳු ග්‍රහයාද සූර්යය වර්ශයක් තුල 12 වතාවක් සංයෝග වේ. ඒ නිසා වර්ෂයකට මාස 12ක් වන අතර රාශි චක්‍රයද 12 කට බෙදීමට මූලික හේතුව මෙයයි.

රාශි චක්‍රය කාල පුරුෂ න්‍යායට යටත්ය. මෙයින් භෞතිකමය වශයෙන් පහල වූ සෑම දෙයටම මෙම න්‍යාය පොදු වන අතර ඒ හේතුවෙන් රාශි චක්‍රය පිළිවලින් මේෂ සිට මීන දක්වා කාලපුරුෂයාගේ හිසේ සිට දෙපතුල දක්වා කොටස් දොළොසකට බෙදී ඇත.

රාශි දොළස විවිධ ස්වභාව හා ගුණයන්ගෙන් යුක්තය. සියළු දේ උත්පාද (ඉපදීම) තිති (පැවතීම) භංග (නැතිවීම) යන න්‍යායට අයත්ය. මෙම න්‍යාය හේතුවෙන් විවිධ ගුණ හා තත්ව ඇතිවේ.

නම ස්වභාවය ගුණය    ස්ත්‍රී/පුරුෂ අධිපති
මේෂ අග්නි චර (රජස්) පුරුෂ කුජ
වෘෂභ පෘථීවි ස්ථිර (තමස්) ස්ත්‍රී සිකුරු
මිථුන වායු උභය (සාත්ව) පුරුෂ බුධ
කටක ජල චර (රජස්) ස්ත්‍රී සඳු
සිංහ අග්නි ස්ථිර (තමස්) පුරුෂ රවි
කන්‍යා පෘථීවි උභය (සාත්ව) ස්ත්‍රී බුධ
තුලා වායු චර (රජස්) පුරුෂ සිකුරු
වෘශ්චික ජල ස්ථිර (තමස්) ස්ත්‍රී කුජ,කේතු
ධනු අග්නි උභය (සාත්ව) පුරුෂ ගුරු
මකර පෘථිවි චර (රජස්) ස්ත්‍රී ශනි
කුම්භ වායු ස්ථිර (තමස්) පුරුෂ ශනි,රාහු
මීන ජල උභය (සාත්ව) ස්ත්‍රී ගුරු

පෘථිවිය අංශක 23.5ක ආනතියක් සහිතව සූර්යයා වටා පරිභ්‍රමණය වන නිසා සාපේක්ෂ චලිතයේදී සූර්යයා පෘථිවිය සමඟ ක්‍රාන්තියක් ඇතිකරයි.

Rashi

මෙම ක්‍රාන්තියේදී සූර්යයා පෘථිවියේ උතුරු කොටසේ සිට දකුණු කොටසට ගමන් කරන කාලය දක්ෂිණායනය ලෙසත් දකුණු කොටසේ සිට උතුර බලා ගමන් කරන කාලය උත්තරායණය ලෙසත් නම් කරයි. එනම් රාශි චක්‍රයේ සූර්යයා මකර රාශියේ සිට මිථුන රාශිය දක්වා සූර්යයා උත්තරායනයේද කටකයේ සිට ධනුව දක්වා සූර්යයා දක්ෂිණායනයේද ගමන් කරයි.

සූර්යයා මකර රාශියට පැමිණීම හේතුවෙන් තෛයිපොංගල් නමින් හැඳින්වෙන හින්දු වර්ෂ ආරම්භයක්ද භාවිතවේ. මෙම චාරිත්‍රයට මූලික හේතුව මෙතෙක් කල් සමකයට පහලට ගමන් ගත් සූර්යයා නැවතත් උතුරු කොටසට ගමන් ඇරඹීම වේ.

සූර්යයා මේෂ රාශියට පැමිණීම හේතුවෙන් නව සූර්‍ය වර්ශයක් ආරම්භවේ. මෙම චාරිත්‍රයට මූලික හේතුව සූර්‍යා සමකය උඩින් ගමන් කර මේෂ රාශියට පිවීසීමවේ.

උපුටා ගැනීම – Sinhala Astrology

Share this: