කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ මව සහ දියණියගේ ඝාතන සිද්ධියේ සැකපිට රක්ෂිත බන්ධානාගාර ගත කර සිටින දර්ශන නොහොත් රාජු සහ ඔහුගේ බිරිඳ රසිකා චාන්දනී උදයකුමාරිට ඇප දීම කොළඹ මහාධිකරණයෙන් අද (3) ප්‍රතික්ෂේප විය.
මොවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත තිබුනේ, 2012 වසරේදී නයනා නිල්මිණි (52) හා කාවින්ද්‍යා චතුරාණි (17) ඝාතනය කළැයි සැකපිටය.
එම නඩුව ඉදිරියේදී ජූරි සභාවක් ඉදිරියේ විභාග වීමට නියමිතව ඇත.
Share this: