රාජිත සේනාරත්නට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා

රාජිත සේනාරත්නට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා

2014 වසරේ මෝදර ධීවර වරාය බදු දීමේදී රජයට පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු දෙදෙනෙකුට එරෙහිව සංශෝධිත අධිචෝදනා පත්‍රය අප්‍රේල් 26 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ ඉදිරිපත් කෙරිණි.

මෙම නඩුව අප්‍රේල් 26 වැනිදා පෙරවරුවේ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විත්තිකරුවන්ට එරෙහිව සංශෝධිත අධිචෝදනා පත්‍ර අල්ලස් කොමිසම විවෘත අධිකරණය හමුවේ භාරදුන්නා.

පසුව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් සඳහන් කළේ අල්ලස් කොමිසම තමන්ට ලබාදිය යුතු සියලුම ලිපි ලේඛන ලබාදී නොමැති බවයි.

Share this: