හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ලේකම්වරයා බව කියන රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි මොහොමඩ් අසීම් නැමැත්තා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ දෙදෙනාට රුපියල් ලක්ෂ 20ක අල්ලසක් ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.
අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාක් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ(30) ඔහුට විරුද්ධව නියෝගයක් නිකුත් කළාය.
Share this: