හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා විසින් සංවිධානය කළ මාධ්‍ය හමුවකදී සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් අසත්‍ය ප‍්‍රකාශ කිරීම ඇතුළු චෝදනා යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනා ලබන 27 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (16 දා) පස්වරුවේ නියෝග කළාය.
සකලවල්ලි ආරච්චිගේ සරත් කුමාර සහ වටරැුක ගමගේ සංජීව මදනායක නමැති එම සැකකරුවන්ට බන්ධනාගාරය තුළදී විශේෂ ආරක්‍ෂාවක් ලබාදීමට පියවර ගන්නා ලෙසට ද ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරීවරයාට එහිදී වැඩිදුරටත් නියෝග කළාය.
ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පසුගිය 13 වැනිදා රාත‍්‍රි අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බවත් ලංකා දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ ඉදිරි විමර්ශන සිදුකරන බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්න මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.
තමන්ට එකී මාධ්‍ය සාකච්ඡුාව සම්බන්ධයෙන් යම්කිසි ප‍්‍රකාශයක් කිරීමට අවසර ලබාදෙන ලෙස දෙවැනි සැකකාර සංජීව මදනායක නමැත්තා විත්තිකූඩුවේ සිට ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරියගෙන් ඉල්ලා සිටි අතර අධිකරණයට යම් දෙයක් දැනුම්දීමට ඇත්නම් එය නීතිඥවරුන් මාර්ගයෙන් දැනුම් දෙන ලෙසට මහෙස්ත‍්‍රාත්වරිය දැනුම් දුන්නාය.
එකී මාධ්‍ය සාකච්ඡුාවේදී ඔවුන් හෙළිකළ කරුණු අනුව සත්‍ය වශයෙන්ම ඔවුන් ක‍්‍රියාකර ඇති බවට අනාවරණය කරගැනීම සඳහා විමර්ශන සිදුකළේ දැයි මහෙස්ත‍්‍රාත්වරිය එහිදී විමර්ශන නිලධාරීන්ගෙන් විමසා සිටි අතර ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.
පසුගිය නොවැම්බර් 10 වැනිදා පැවති එම මාධ්‍ය සාකච්ඡුාවේදී පුද්ගලයන් පැහැරගෙන ගොස් මරාදැමීම්, පැහැර ගැනීම්, සොරකම් කිරීම්, බරපතළ තුවාල සිදුකිරීම් සම්බන්ධයෙන් එම සැකකරුවන් අනාවරණය කර ඇති බව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.
වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ට අයත් රත්රන් තොගයක් සාරංග ආයතනය වෙත රැගෙන එන විටදී කොල්ලකා එම මුදල් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ගිණුමට බැරකළ බවත් පෙර කී මිනීමැරුම් තමන් ඇතුළු කණ්ඩායම විසින් සිදුකරනු ලැබුවේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත බවට ඔවුන් ප‍්‍රකාශ කර ඇතත් ඒවා සත්‍යයෙන් තොර බවට මෙතෙක් සිදුකළ පරීක්‍ෂණ අනුව හෙළි වී ඇතැයි ද විමර්ශන නිලධාරීහු එහිදී අධිකරණයට පෙන්වා දුන්හ.
උප පොලිස් පරීක්‍ෂක හේමන්ත, විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක රවින්ද්‍ර විමලසිරි, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක ඇතුළු නිලධාරීන් සමග අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්න මහතා පැමිණිල්ල මෙහෙය විය.