අද මහියංගනය රජමහා විහාරස්ථානයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙයි.
රාජ්‍ය පරිපාලන පළාත් සභා හා ප්‍රජාතන්ත්‍රීය කටයුතු පිළිබඳ අමාත්‍යංශය සඳහන් කරන්නේ, මෙත් සිතින් ගුණ වඩමු මෙවර වෙසක් දින තේමාව වී ඇති අතර අද දිනයේ පැවැත්වෙන රාජ්‍ය උත්සවයට සමගාමීව දිවයින පුරා වෙසක් සමරු වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බවයි.
පසුගිය 30 වනදා වෙසක් සතිය ආරම්භ වූ අතර එය මෙම මේ 06 වනදා දක්වා ක්‍රියාත්මක වන අතර, රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
එය රුපියල් 10 ක වටිනාකමින් යුත් සමරු මුද්දරයක් බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම සමරු මුද්දරය මගින් මහියංගනය ස්ථූපයේ ධාතු ගර්භයේ ඇති විෂ්ණු දෙවියන් දෑතින් මල්වට්ටියක් රැගෙන බුදු පුදට සැරසෙන ආකාරය දැක්වෙන සිතුවමක් නිරූපණය කර තිබේ.
තවද, කල්‍යාණි වෙසක් කලාපය ඊයේ රාත්‍රීයේ ආරම්භ වූ අතර එය දෙවන දිනටත් අද පැවැත්වෙයි.
මෙම කල්‍යාණි වෙසක් කලාපය ලබන 07 වනදා දක්වා ක්‍රියාත්මකය.