රාජ්‍ය බැංකු ශක්තිමත් කරනවා මිස පෞද්ගලීකරණය නොකළ යුතුයි

රාජ්‍ය බැංකු ශක්තිමත් කරනවා මිස පෞද්ගලීකරණය නොකළ යුතුයි

රාජ්‍ය බැංකු වඩාත් ශක්තිමත් කරනු මිස එය කිසිසේත් පෞද්ගලීකරණය නොකළ යුතු යැයි ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පැවසීය.

එය එදා මෙන්ම අද දවසේ ද තම දේශපාලන ප‍්‍රතිපත්තිය බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මෙම අදහස් පළකළේ ලංකා බැංකුවට වසර අසූවක් පිරීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති උත්සවය අමතමිනි.
ලංකා බැංකුවේ අසූවන සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක්ද එළිදක්වන ලදී. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත සිහිවටන තිළිණයක් පිළිගැන්වීමද මෙහිදී සිදුවිය.
වැඩිදුරටත් උත්සවය ඇමතූ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මෙසේද කීවේය.

ජාතික ආර්ථිකයට පුළුල් ශක්තිමත් පදනමක් ඇති කරන්න මේ රටේ කීර්තිමත්ම දේශීය බැංකුව වන ලංකා බැංකුව කටයුතු කිරීම අපි අගය කරනවා. රාජ්‍ය හා පෞද්ගලික බැංකු ගැන කතා කරන විට සෑම අතින්ම ඉදිරියෙන් සිටින්නේ ලංකා බැංකුවයි.

මට කියල ගෙයක් නැතිව කුලියට ගෙයක ඉන්නකොට මට කියලා ගෙයක් ගන්න ලැබුණේ ලංකා බැංකුවෙන් ගත් ණයක් මගින්.

දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට ලංකා බැංකුවේ කැපවීම ඉතා විශිෂ්ටයි. ලංකා බැංකුව එදා සිට පෙන්වපු දක්‍ෂතා හා කැපවීම නිසයි මේ තත්ත්වයට පැමිණ තියෙන්නේ. ලංකා බැංකුව තම සේවකයන් රැුකබලා ගන්නා ගමන් තවත් පැත්තකින් රාජ්‍ය සේවකයන් ජීවත් කරවනවා. තවත් පැත්තකින් ඛනිජ තෙල්, ජල සම්පත්, ගුවන් සේවා ආයතන ජීවත් කරවන්නත් ලංකා බැංකුව කටයුතු කරනවා.
ලංකා බැංකුව වගේම රාජ්‍ය බැංකු රැුක ගැනීමට පසුගිය කාලයේ වෘත්තීය සමිතිවලට සටන් කිරීමට සිදුවුණා. මගේ එදත් අදත් ප‍්‍රතිපත්තිය රාජ්‍ය බැංකු ශක්තිමත් විය යුතුයි කියන එකයි. අපේම උරුමයක් ලෙස ජාතියේ උන්නතිය සඳහා මෙය රැුක ගැනීමටත් අපි කටයුතු කළ යුතුයි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා-

ලංකා බැංකුව වසර 80 ක් සමරන විට ලංකා බැංකුව සමග ගනුදෙනු කරන පවුලක් විදිහට මම සතුටු වෙනවා. 1931 ලෝක ආර්ථිකය කඩා වැටුණා. ලාංකික ව්‍යාපාරිකයන් මුදල් තැන්පත් කර තිබුණේ මේ රටේ තිබූ විදෙස් බැංකුවලයි. ආර්ථික අර්බුදයත් සමග අපේ ව්‍යාපාරිකයන්ගේ තැන්පතු අහිමි වුණා. මුදල් දුන්නේ නැහැ.
ඊළඟට ව්‍යාපාරිකයන් තීරණය කළා අපිට දේශීය බැංකුවක් අවශ්‍යයි කියලා. මේ බැංකුව 1931 පටන් ගන්නකොට
ප‍්‍රාග්ධන තැන්පතු රුපියල් මිලියන 02 යි.

අපිට අමතක වෙච්ච දෙයක් තමයි මේ බැංකු රැුඳී තිබෙන්නේ තැන්පත්කරුවන් නිසයි කියන එක. මේ තැන්පතුවලින් සීයට පනහක් තැන්පත් කරන්නේ ගම්වල ජනතාවයි. 1977 විවෘත ආර්ථිකය රටට හඳුන්වා දුන්නා. තැන්පතු තිබුණේ බිලියන 03 යි.

සමහරු කියනවා ආර්ථිකය ශක්තිමත් නැහැ කියලා. 2015 අපි බලයට එනකොට ලංකා බැංකුවේ වටිනාකම රුපියල් බිලියන 800-900 ක් දක්වා වැඩිවෙලා තිබුණා. අපි රට භාර ගන්න කොට රටට ණයක් ගන්න බැරි තත්ත්වයක තිබුණේ. දැන් ඒ තත්ත්වය නැතිවෙලා අපි ඉදිරියට පැමිණ තිබෙනවා. ලංකා බැංකුවේ අද තත්ත්වය බිලියන 1500 යි. මේ බැංකුව පමණක් නොවෙයි අනෙක් බැංකුවල තත්ත්වයත් එහෙමයි. මේ බැංකුව සංස්ථා දෙක තුනකට ණය දීම නිසා අධික වැයක් දරන්න සිදුවෙලා තිබෙනවා.

මෙහිදී ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඞ් සී. පෙරේරා, ලංකා බැංකුවේ මහ කළමනාකරු ප‍්‍රධාන විධායක නිලධාරි සෙනරත් බණ්ඩාර මහතාද අදහස් දැක්වූහ.

Share this: