රජයේ සේවකයන්ට පැමිණීම සලකුණු කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය මැයි 15 සිට අනිවාර්ය කර තිබේ.
ඊට අදාළ චක්‍රලේඛය මැයි 12 වැනිදා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී. එන්.රංජිත් අශෝක.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසර කිහිපය තුළ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය තාවකාලිකව නවතා දැමූ බව අමාත්‍යාංශය පවසනවා.
කෙසේ වෙතත් පෙරවරු 10.00ට රාජකාරියට පැමිණියද එහි පැමිණීමේ වේලාව පෙරවරු 08.00 ලෙස සඳහන් කරමින් ඇතැම් සේවකයන් ඉන් ප්‍රයෝජන ගත් බවට තොරතුරු වාර්තා වීමත් සමඟ නැවත වරක් ඇඟිලි සලකුණු අනිවාර්ය කර තිබේ.
රාජ්‍ය සේවකයින් රැසක් මෙලෙස අතිකාල දීමනා ලබාගෙන ඇති බවට වාර්තා වන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ මෙම තත්ත්වය බහුලව දක්නට ලැබුණු බව වාර්තා වේ.
ඒ අනුව මෙවැනි වංචනික ක්‍රියා වැළැක්වීමේ අරමුණින් සියලුම රාජ්‍ය සේවකයින් සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය මැයි 12 වැනිදා සිට අනිවාර්ය කර තිබේ.