රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුපට වෙන දේ

රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුපට වෙන දේ

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන රාජ්‍ය සේවකයින්ට මාර්තු 09 සිට අප්‍රේල් 25 දක්වා කාලය සඳහා මූලික වැටුප් ගෙවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

මැතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් රාජ්‍ය සේවකයින් 3000ක් පමණ මේ වන විට වැටුප් රහිත නිවාඩු ලබා සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.

කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල්දැමීම නිසා මැතිවරණයට ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයින් වැටුප් රහිත නිවාඩු දීර්ඝ කිරීම නිසා ආර්ථික අපහසුතා මතුව තිබේ.

එම නිසා මෙම රාජ්‍ය සේවකයන්ට ඉහත සඳහන් කාලසීමාව සඳහා මූලික වැටුප් ගෙවීමට තීරණය විය.

Share this: