රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය රිය අනතුරකින් තුවාල ලබයි

රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය රිය අනතුරකින් තුවාල ලබයි

කෑගල්ල – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ රුවන්වැල්ල, කරවනැල්ල ප්‍රදේශයේදී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ගමන් ගත් මෝටර් රථය අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ පුද්ගලයින් 05 දෙනෙකු ගමන් කර ඇත.

රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය මහතාගේ ආරක්ෂක නිලධාරියා අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

මේ අතර, රාජ්‍ය අමාත්‍යවරයා ද සුළු තුවාල ලබා කරවනැල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව ඔහු සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයාගේ රථය කරවනැල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස අසලදී මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී අනතුරක් සිදුව ඇති බව වාර්තා වෙයි.

Share this: