ආගමන හා විගමන පනත යටතේ ඇති වැරදි සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීමට අදාළ නියෝගයක් අධිකරණය විසින් නිකුත් නොකරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ප්‍රකාශ කළේය.
අදාළ වැරදි සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නීතියෙන් බලය ලැබී ඇති බැවින් මෙම තීරණයට එළඹි බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබේ.
Share this: