අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරන්නේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඒකාධිපති රාජපක්ෂ රෙජීමය මෙරට කාන්තාවන්ගෙන් සමාව ගත යුතු බව.
උතුරේ පාසල් සිසුවියක දූෂණය කිරීමත්, ඉන්පසු ඇය මරා දැමීමේ සිදුවීම ගැන කනගාටුව පළ නොකර එයින් දේශපාලන වාසි ලබාගැනීමට ඔහු විසින් කර ඇති ප්‍රකාශයක් ගැන අදහස් පළ කරමින් අග්‍රාමාත්‍යවරයා අද මේ බව පැවසීය.
ඊයේ (25) අරලියගහ මන්දිරයේදී සමාජ වෙබ් අඩවි ක්‍රියාකරුවන් පිරිසක් හමුවූ අවස්ථාවේදී අගමැතිවරයා පෙන්වාදුන්නේ මෙරට කාන්තාවන් දූෂණය කර සාද පැවැත්වීමට සිය ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට අවසර දුන් හිටපු ජනාධිපතිවරයා උතුරේ සිද්ධිය අල්ලාගෙන යළි දේශපාලනය කරන බවයි.
ඔහු එමගින් ප්‍රති දේශපාලනය සඳහා ඔක්සිජන් ලබාගැනීමට ඔවුන් උත්සාහ කරන බවට අග්‍රාමාත්‍යවරයා චෝදනා කළේය.
කවර ජාතියකට, ආගමකට මෙන්ම උතුරේ වේවා, දකුණේ වේවා කාන්තාවකට මෙවන් විපතක් වූ විට සියලුදෙනා ඒ ගැන කනගාටුව පළ කළ යුතු බව ඔහු පැවසුවේය.
නමුත් තමන් බලයේ නොසිටි නිසා මෙවැනි තත්ත්වයක් ඇති වූ බව හිටපු ජනාධිපතිවරයා පැවසීම තුළ පෙනී යන්නේ ජාතිවාදය අවුස්සමින් බංකොලොත් භාවය පෙන්වීම යැයි රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පෙන්වාදුන්නේය.
දකුණේ ඇතැම් දේශපාලනඥයින් කාන්තාවන් 100ක් 200ක් දූෂණය කර පාටි දැමූ බවත්, ඔවුන් එසේ කරද්දී රෙජිමය රටේ නීතිය හා සාමය ආරක්ෂා නොකළ බවත්, හිටපු ජනාධිපතිවරයා මේ ගැන කාන්තාවන්ගෙන් කරුණාකර සමාව ගත යුතු බවත්, ඔහු කීවේය.
රාජපක්ෂ රෙජිමය රටේ නීතිය හා සාමය ආරක්ෂා නොකළ බවත්, ඔවුන් අදටත් බලයේ සිටියා නම් මෙවැනි දේවල් සෑම ගමකම සිදුවීමට ඉඩ තිබූ බවත්, ඒ මහතා පැවසු අතර උතුරේ වූ එම සිද්ධිය ගැන දකුණේ ජනතාව කම්පා වුණත් දැන් එවන් තත්ත්වයක් රටේ නැති බවත්, අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.