රාජපක්ෂ අයියා මලෝ, අල්ලස් කොමිසමට කැඳවති

රාජපක්ෂ අයියා මලෝ, අල්ලස් කොමිසමට කැඳවති

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට, අල්ලස් කොමිසම වෙත පෙනී සිටින ලෙස දැනුම්දීමක් කර තිබේ.

එම දැනුම් දිම කර අතේ, එම කොමිසම මගින් බව වාර්තා වෙයි.

මෙලෙස එම කොමිසම හමුවට කැඳවීමට හේතුවනම්, පසුගිය ජනාධිපතිවරණ සමයේ එවකට එ.ජා.ප. ලේකම් ධූරයේ සිටි තිස්ස අත්තනායක මහතාට අල්ලස් ලබාදීමක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

තවද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාටද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

එයට හේතුවනම්, ඇවන්ගාර්ඩ් සමාගම සහ රක්නා ලංකා ආරක්ෂක සේවය සම්බන්ධයෙන් පන නැගී ඇති, ප්‍රස්න සම්බන්දයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට බව දේශපාලන ආරංචි කියා සිටියේය.

Share this: