රාජපක්ෂට දේශපාලන අනාගතයක් නැහැ-  ටිල්වින් සිල්වා

රාජපක්ෂට දේශපාලන අනාගතයක් නැහැ- ටිල්වින් සිල්වා

විධායක බලය, පාර්ලිමේන්තුව,පළාත් සභා, ප්‍රාදේශිය සභා සියල්ලේ බලයත් ,තිබියදි පැරදුණු රාජපක්ෂ, කිසිම බලයක් නැති අවස්ථාවක කෙසේවත් දිනන්නේ නැතැයි ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.

රාජපක්ෂ කළ විනාශය අමතක කළ යුතු නැති වුවත් , ඔහු ගැන කිසිවෙකු භිතිකාවක් තබාගත යුතු නැතැයිද ටිල්වින් සිල්වා මහතා පැවසීය,ඔහුට දේශපාලන අනාගතයක් නැතිබව ස්ථිර යැයි ද, මන්ත්‍රීකමක් ලැබුණත්,ඔහුට එරෙහිව ඇති මුල්‍ය වංචා ගැන පරික්ෂණ ඇරඹුණු විට මන්ත්‍රිකම ද අහිමි වනු ඇතැයි ලේකම්වරයා ප්‍රකාශ කළේය. ටිල්වින් සිල්වා මහතා මේ අදහස් පළ කළේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ අද (14) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදි තවදුරටත් ඒ මහතා පැවසුවේ අපි ජන්දයට යන්නේ ඉතාම හොඳ පිරිස් සමඟයි. අපේ කණ්ඩායම් නායකයින් අති බහුතරය උපාධිධාරින් බවත් පිරිසිදු දේශපාලන නායකත්වයක් තමන් සතුව ඇති බවත්ය.

Share this: